Advertise with Giraya
NEWS

පාසල්වල පළමු හා දෙවැනි ශ්‍රේණි හා පෙර පාසල් ආරම්භ කරන දිනයන් නිවේදනය කරයි

දිවයිනේ සියලු පාසල්වල එක සහ දෙක ශ්‍රේණි මෙන්ම පෙර පාසල් ලබන අගෝස්තු 10 වන සඳුදා ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

සෑම පාසලකම විෂබීජහරණ කටයුතු පිළිබඳව ඉතා සැළකිල්ලෙන් සොයාබලන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

එසේම සියලුම ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල දෙවන වසර ශික්ෂණලාභීන් සඳහා නේවාසික අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම ලබන 7 වනදා සිට 31 වනදා දක්වා සිදු කෙරෙනවා.

Giraya News Alerts

සියලු ගුරු විද්‍යා පීඨවල පළමු හා දෙවන වසර ගුරු සිසුන් සඳහා මෙලෙස අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top