ලොව පුරා කෝවිඩ් – 19 වෛරසය දරුණු ලෙස රටවල් පීඩාවට පත් කරමින් මිනිස් ජීවිත බිලි ගනිමින් පවතිද්දී ඉතා සාර්ථක අයුරින් එම වසංගතය මැඩපැවැත්වීමට කටයුතු කර ඇති ආකාරය පිළිබඳව ලොව පුරා විදෙස් මාධ්‍යන්වල මෙන්ම සමාජ මාධ්‍ය තුළ ද ශ්‍රී ලංකාව පිළිබඳව කතාබහක් ඇති වී තිබේ.
‘ඉන්දියන් එක්ස්ප්‍රස්’ පුවත් සේවය ඊයේ (30) දිනයේ දී පල කර තිබුනේ කෝවිඩ් – 19 වෛරසය පාලනය සඳහා ශ්‍රී ලංකාවේ අත්දැකීම් අනෙක් රටවල් වලට ද ඉවහල් වන බවයි.
එමෙන්ම, ලොව පුරා ඇමරිකාව, බ්‍රිතාන්‍ය හා අසල්වැසි ඉන්දියාව වැනි රටවල් ද කෝවිඩ් – 19 වෛරසය හේතුවෙන් දැඩි බලපෑමකට ලක්ව සිටියදී ශ්‍රී ලංකාව සාර්ථක අන්දමින් එය පාලනය කර ජන ජීවිතය යථා තත්ත්වයට පත් කරමින් තිබෙන ආකාරය පිළිබඳව විදේශිකයන් මවිතයට පත් කර තිබේ.
එබැවින්, ඔවුන් සමාජජාලාවල මේ පිළිබඳව තම අදහස් පළ කරමින් කියා ඇත්තේ කෝවිඩ් – 19 පාලනයට ශ්‍රී ලංකාවන් ආදර්ශ ලබා ගත යුතු බවයි.











