update at 8.15 PM
ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා වෛරසය ආසාදිතවූවන්ගේ සංඛ්‍යාව අද (01) පස්වරු 6.55 වන විට 2051 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරනවා. ඒ, තවත් රෝගීන් දෙදෙනකු අද දිනයේ දී වාර්තා වීමත් සමඟයි.
ඒ අනුව, අද දිනයේ දී වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව හතරකි. ඔවුන්ගෙන් දෙදෙනෙකු බංග්ලාදේශයේ සිට ද, තවත් එක් පුද්ගලයෙක් ඩුබායි සිට ද, අනෙක් පුද්ගලයා එක්සත් රාජධානියේ සිට පැමිණ පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙක් වේ.
එමෙන්ම, අද (01) දිනයේ දී තවත් රෝගීන් 37 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, දැනට වාර්තා වූ රෝගින්ගෙන් 1748 දෙනෙක්ම සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
ඒ අනුව, දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 292ක් වේ. ජීවිතක්ෂයට පත් වූ රෝගින් ගණන 11කි.
