ළමා කතා රචනා ශිල්පිනියක් මෙන්ම චිත්‍ර ශිල්පිනියක් ලෙසින් ජාත්‍යන්තර මට්ටමේ සම්මානයට පාත්‍ර වූ සිබිල් වෙත්තසිංහ අභාවප්‍රාප්ත වී තිබේ. දින 4ක පමණ කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඇය ඊයේ (30) රාත්‍රියේ දී අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් සඳහන් කරයි.
මෙරට ළමා සාහිත්‍ය වෙනුවෙන් කැප වී කටයුතු කළ ඇය ළමා ලොව එළිය කළ ‘සිබිල් නැන්දා’ විය. 1931 වසරේ ඔක්තෝම්බර් 31 වන දින, ගාල්ලේ ගිංතොට ග්‍රාමයේ ඉපදුණු ඇය මිය යන විට 93 වන වියේ පසු විය.
1982 වර්ෂයේ ජපානයේ පැවැත්වුණු පොත් චිත්‍ර ශිල්පීන්ගේ තරගයක දී කුඩ හොරා ළමා කතාව ඉදිරිපත් කරනු ලැබූ සිබිල් නැන්දාට ලෝකයෙන්ම තෙවෙනි ස්ථානය දිනාගැනීමට හැකි විය. 1987 දි ජපානයේ පළවුණු ජනප්‍රියම විදෙස් ළමා කතාව වන්නේත් “කුඩ හොරා” කතාවය.
එසේම නෝර්වේ, ඩෙන්මාර්කය, අමෙරිකා එක්සත් ජනපදය, කොරියාව වගේ රටවල් 12ක භාෂාවන්ට මෙම කෘතිය පරිවර්තනය විය. සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් සිබිල් නැන්දා ලියු ළමා පොත් ප්‍රමාණය 250කට අධිකය.
