හිටපු පාර්ලිමේන්තු මන්ත්රී, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට රාජකාරී කටයුතු සඳහා ලැබුණු මුද්දරවලින් රුපියල් ලක්ෂ 19 ක් පමණ වටිනා භාවිතා නොකළ මුද්දර පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි තැපැල් කාර්යාලයට යළි භාර දී තිබෙන බව වාර්තා වේ.
සෑම වසරකම පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට සිය රාජකාරි කටයුතු සඳහා නිශ්චිත වටිනාකමකින් යුත් මුද්දර ප්රමාණයක් ලබා දෙන අතර පාර්ලිමේන්තු ධූර කාලය අවසානයේ දී ඉන් භාවිතා නොකළ මුද්දර නැවතත් තැපැල් දෙපාර්තුමේන්තුවට භාර දිය යුතු වේ.ෙ
ඒ අනුව තමන්ට ලැබුණු මුද්දර අතරින් භාවිතයට නොගත් මුද්දර මෙසේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි තැපැල් කාර්යාලයට ආචාර්ය විජේදාස රාජපක්ෂ විසින් භාර දී ඇති බව වාර්තා වේ. එසේ භාරදුන් මුද්දරවල වටිනාකම රුපියල් 19,27,780ක් බව ද වාර්තා වේ.
එසේ භාවිතා නොකල මුද්දර ප්රථම වතාවට ආපසු භාර දෙන ලද්දේ විජේදාස රාජක්ෂ බවත්, අන් කිසිවෙකුත් එසේ භාර දීම සිදු නොකළ බවත් පාර්ලිමේන්තුවේ පිහිටි තැපැල් කාර්යාලයේ නිලධාරීන් පවසයි.
