Advertise with Giraya
NEWS

හෙට උපුල් තරංග ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශනය කරන විශේෂ පොලිස් ඒකකයට කැඳවයි

ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශනය කරන විශේෂ පොලිස් ඒකකය විසින් හෙට (01) උදෑසන 9ට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග හට කැඳවීමක් කර තිබෙනවා.

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරගය පාවා දී ඇති බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිදුකල චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමටයි මෙලෙස ඔහුට කැඳවීමක් කර ඇත්තේ.

මේ අතර ප්‍රකාශයක් ලබාදීම සඳහා අද(30) එම ඒකකය වෙත පැමිණි ශ්‍රී ලංකා හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා පැය පහමාරකට ආසන්න කාලයක් දීර්ඝ ප්‍රකාශයක් ලබාදීමෙන් පසු රාත්‍රී 8ට පමණ ඉන් පිටව ගියා. 2011 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාදීමට ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය වෙත අද (30) පස්වරු 2ට පමණ ඔහු එම ඒකකය වෙත පැමිණියා.

Giraya News Alerts

2011 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දී ශ‍්‍රී ලංකාව අවසන් මහ තරගය පාවාදුන් බවට හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූ‍ත්ගමගේ ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් සිදුකළ අතර හිටපු කී‍්‍රඩා අමාත්‍යවරයා ප‍්‍රකාශ කර තිබුණේ සිය අනුමැතියකින් තොරව 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය සඳහා කී‍්‍රඩකයින් සිව්දෙනෙකු කැඳවූ බවයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top