කොවිඩ් 19 වසංගතයේ දරුණුතම තත්ත්වය තවමත් පැමිණ නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
ලෝකයේ බොහෝ රටවල් යළිත් දෛනික සමාජ ක්‍රියාවන් සඳහා විවෘත කිරීමත් සමඟ වෛරසයේ ව්‍යාප්තිය ද වේගවත් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ආචාර්ය Tedroa Ghebreyesus ප්‍රකාශ කර සිටියි.
දකුණු කොරියාව, චීනය, ජර්මනිය, සිංගප්පුරුව වැනි රටවල් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරිමේ සැලසුමක් ඇති බවට පෙන්වා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසයි.
“ගෝලීය වශයෙන් බොහෝ රටවල් ප්‍රගතියක් ලබා තිබුනත් වෛරසයේ ව්‍යාප්තිය සිඝ්‍රයෙන් වැඩිවෙමින් පවතිනවා. අපි සියලු දෙනාට අවශ්‍ය මේ භයානක වෛරසය අවසන් කියලා සිතන්න. සුපුරුදු පරිදි අපගේ දෛනික වැඩකටයුතු වල යෙදෙන්න. නමුත් දුෂ්කර යථාර්තය නම් කොවිඩ් 19 වසංගත තත්ත්වය අවසන් වීමට ආසන්න වී නොමැති වීමයි.
බොහෝ රටවල් යලි විවෘත කිරීමෙන් පසු වසංගත තත්ත්වයේ වර්ධනයක් අත්විඳීමින් සිටිනවා. තවත් රටවල තත්ත්වය දරුණු අතට පත්ව තිබෙනවා. මේ වෛරසය තවත් ව්‍යාප්තවීමේ අවධානම වැඩියි. බරපතලම තත්ත්වය තවමත් උදාවී නැහැ. ඇතිවී තිබෙන තත්ත්වය මත අප නරකම දේට මුහුණ දෙමින් සිටිනවා. මෙම වෛරසයට එරෙහිව සටන් කිරීමට අප සියලු දෙනා එක්විය යුතුයි.
වෛරසයේ ව්‍යාප්තිය ආරම්භවී දැනට මාස 06ක් ගතව තිබුනත් ඊට ප්‍රතිකාරයක් තවමත් අප සතුව නැහැ. මෙහි ඇති අවධානම් තත්ත්වය එයයි” ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ප්‍රකාශ කර සිටියා.
මේ වන විට ලොවපුරා කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 10,454,930ක් වන අතර මරණ සංඛ්‍යාව 509,209ක් වනවා.
