ඉන්දියාවේ මහජන සාමය, ස්වෛරීභාවය හා රාජ්‍ය ආරක්ෂාව පිණිස පසුගියදා චීනයේ නිපදවන දුරකථන යෙදවුම් 50ක් පමණ තහනම් කිරිමට ඉන්දීය රජය විසින් පියවර ගනු ලැබුවා. කෙසේ වෙතත්, මේ හේතුවෙන් ඉන්දියාවේ ඉතාමත් ජනප්‍රිය දුරකථන යෙදවුමක් වන ‘ටික් ටොක්’ සමාජජාලයන්හි ඉතාමත් ජනප්‍රිය තරු දැඩි කනස්සල්ලට පත් වී ඇති අතර මිලියන ගණනක් වූ ඉන්දීය පරීශීලකයින් පිරිසක් දැනටමත එම දුරකථන යෙදවුමෙන් ඉවත් වී ඇති බව වාර්තා වේ.
චීනයේ ‘ටික් ටොක්’ සමාජජාලාවේ වැඩිම විදෙස් පරිශීලකයින් ප්‍රමාණයක් වූ මිලියන 120ක පමණ පරිශීලකයින් ප්‍රමාණයක් සිටින්නේ ඉන්දියාවේය.. ඉන්දියාවට මෙම යෙදවුම හඳුන්වා දුන් වසර කිහිපය තුළ දී විවිධ වයස් කාණ්ඩවල සිටින, පොලිස් කොස්තාපල්වරයාගේ සිට ගෘහණියන් දක්වා වූ විවිධ සමාජ කොටස්වල පිරිස් තමන්ගේ නැටුම්, ගැයුම් ඉදිරිපත් කළ වේදිකාවක් බවට පත් වී ඇත. එමෙන්ම, මෙම යෙදවුම ඔස්සේ සාමාන්‍ය ඉන්දියානුවන් සමාජ මාධ්‍ය තරු බවට පත් විය.
එමෙන්ම, මෙම යෙදවුම් හරහා ව්‍යාපාර කරමින් මුදල් උපයන්නන් බොහෝ පිරිසකට ද එම ආදායම් අහිමි වී ඇති බව ඉන්දියාවෙන් වාර්තා වේ.
ටික්ටොක් හි මව් සමාගම වන බයිට් ඩෑන්ස් බීබීසී පුවත් සේවයට පවසා තිබුනේ, “පරිශීලකයින්ගේ ආරක්ෂාව සඳහා මෙන්ම සමස්තයක් වශයෙන් ඉන්දියාවේ ආරක්ෂාව පිළිබඳව ද කැපවීම පෙන්නුම් කිරීමට ඉන්දීය රජය සමඟ කටයුතු කිරීමට සූදානම්” බවයි.
ටික්ටොක් හි ඉන්දියාවේ ප්‍රධානී නිඛිල් ගාන්ධි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, ඉන්දීය රජය විසින් සිදු කරන ලද මෙම තහනම පිළිබඳව ප්‍රතිචාර දැක්වීමට සහ පැහැදිලි කිරීම් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා ගැනීම සඳහා අදාළ රජයේ පාර්ශවකරුවන් හමුවීමට තම සමාගමට ආරාධනා කර ඇති බවයි.
කෙසේ වෙතත්, අනෙක් දුරකථන යෙදවුම් සමාගම් විසින් තවමත් මෙම තීරණය පිළිබදව ප්‍රතිචාරයන් දක්වා නොමැති අතර විශේෂඥයින් පෙන්වා දෙන්නේ එම සමාගම් විසින් ප්‍රතිපත්ති සැලසුම් කරන්නන් වෙත බලපෑම් එල්ල කිරීමට උත්සාහ කරන නමුත් ඉන්දීය – චීන දේශ සීමාවන්හි පවතින ආතතීන් දිගින් දිගටම පවත්නා තාක් ඉන්දියාව විසින් චීන නිෂ්පාදනයන් වර්ජනය කිරිම හා චීන විරෝධී හැඟීම් ඉන්දියානුවන් අතර ඉහළ මට්ටමක පවතින බවයි. එබැවින් එම ආතතීන් පවතින තාක් ඉන්දීය රජය විසින් එම සමාගම් සඳහා අවස්ථාවන් ලබා නොදෙන බව ඔවුන් පෙන්වා දෙයි.
