SPORTS

2011 අවසන් තරඟයට අදාළ ලියකියවිලි රැසක් ක්‍රිකට් ආයතනයෙන් පොලිස් විමර්ශන ඒකකයට

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහ තරගයට සම්බන්ධ වැදගත් ලියවිලි රැසක් ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයට ඊයේ (29) පෙරවරුවේ බාර දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා සඳහන් කරයි. ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම ලියවිලි බාරදීමට නියමිතය.

එම ලිපි ලේඛණවලට 2011 ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය තෝරාගැනීමට අදාළ වාර්තා, ලෝක කුසලාන තරඟාවලිය පැවැත්වෙමින් තිබිය දී ක්‍රීඩකයන් ආදේශ කිරීමට ආදාල වාර්තා ඇතුළු ලිපිගොනු රැසක් ඇතුළත්ව ඇති බව වාර්තා වේ.

“පොලිස් විශේෂ විමර්ශන ඒකකය මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු සඳහා එවකට පැවැති තේරීම් කමිටුව ලෝක කුසලාන පළමු සංචිතය සහ ක්‍රීඩකයන් තේරීමට සම්බන්ධ ලේඛණ ඉල්ලා තිබුණා”

“අපි සතුව තේරීම් කමිටුවට සම්බන්ධ බොහෝ ලේඛණ තිබෙනවා. ඒ සියලුම ලේඛණ අපි සඳුදා පෙරවරුවේ බාර දෙනවා” යැයි ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි මහතා වැඩි දුරටත් පැවසීය.

ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා මහතා පවසා පැවසුවේ විමර්ශනයට අදළව හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතාගෙන් අද (30) ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බවයි.

“අරවින්ද ද සිල්වා මහතාගේ ප්‍රකාශය මෙම පරීක්‍ෂණයට ඉතාමත් වැදගත් වී තිබෙනවා. ඔහුගේ ප්‍රකාශයෙන් අපිට විමර්නශයට පිවිසීමේ හැකියාව තිබෙනවා” යැයි ෆොන්සේකා මහතා වැඩි දුරටත් පැවසීය.

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගියදා (27) පැවැති දේශපාලන ප්‍රචාරක රැස්වීමකදී පැවසුවේ මේ සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානියා තමන් සමඟ සාකච්චා කළ බවයි.

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා තරඟ පාවාදීමේ චෝදනාව ඉදිරිපත් කරමින් පවසා තිබුණේ 2011 ලෝක කුසලාන තරඟාවලියේදී ක්‍රීඩකයන් ආදේශ කිරීමට ක්‍රීඩා ආමාත්‍යවරයා ලෙස ඔහුගේ අනුමැතිය ලබානොගත් බවයි. කෙසේ වෙතත්, ඊට ප්‍රතිචාර දක්වමින් 2011 ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගත් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා මහතා පැවසුවේ සියලු ආදේශ කිරීම්වලට අවශ්‍ය අනුමැති ලබාගත් බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top