NEWS

MCC ගිවිසුම ගැන යහපාලන රජයට එල්ල වන චෝදනා එජාපය ප්‍රතික්ෂේප කරයි

මිලේනියම් අභියෝගතා ගිවිසුම හෙවත් එම්.සි.සි.ගිවිසුම සම්බන්ධයෙන් මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්ගේ කමිටු වාර්තාව මගින් යහපාලන රජය වෙත නගා ඇති චෝදනා එක්සත් ජාතික පක්ෂය ප්‍රතික්ෂේප කර තිබේ.

2017 සහ 2018 යන වර්ෂවල දී එම්.සි.සි.ගිවිසුම සමග ගිවිසුම් දෙකක් අත්සන් කිරීමෙන් පසුව එවකට පැවති රජය වෙත අමෙරිකානු ඩොලර් මිලියන 10ක් ලබා දී ඇති බවට අදාළ කමිටු වාර්තාවෙන් චෝදනා කර ඇති බව එක්සත් ජාතික පක්ෂය පෙන්වාදෙයි.

කෙසේවෙතත්, එම මූල්‍ය කටයුතු පිළිබඳව කිසිදු වාර්තාවක් මුදල් අමාත්‍යාංශයේ නොමැති බව ද එම කමිටුව ප්‍රකාශ කර ඇති බව ද එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

එම්.සි.සි.ය විසින් ශ්‍රී ලංකා රජයට කිසිදු මුදලක් නිදහස් කර නොමැති බව ශ්‍රී ලංකාවේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇති බවත් මුදල් නිදහස් කර ඇති බවට නඟන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණ සමයේදි මෙම එම්.සි.සි.ගිවිසුම සම්බන්ධයෙන් පදනම් විරහිත චෝදනා එල්ල කරමින් ජනතාව මුලා කර අතර මෙවර මැතිවරණයේදී ද එම ක්‍රියාවේ යෙදමින් ජනතාව මුලාකිරීමට සූදානම් වන බව එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top