ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2042ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (29) දිනයේ දී වාර්තා වූ රෝගීන් පස්දෙනා ද ඇතුළුවයි.
එම රෝගීන් පස්දෙනාගෙන් තිදෙනෙකු පාකිස්ථානයේ සිට මෙරටට පැමිණ දියතලාව නිරෝධායන මධ්‍යස්ථනායේ ද, බංග්ලාදේශයේ සිට පැමිණ පොම්පේමඩු නිරෝධායන මධ්‍යස්ථානයේ එක් අයෙක් ද, වයික්කාල් නිරෝධායන මධ්‍යස්ථානයේ එක් අයෙක් ද වශයෙන් නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ.
ඒ අනුව, දැනට මෙරට සිටින සක්‍රීය ආසාදිතයින් ගණන 353ක් දක්වා ඉහළ ගොස් ඇත. සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 1678ක් වේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 11කි.
