Advertise with Giraya
NEWS

කරුණා ගැන ජිනීවා කවුන්සිලයෙන් ප්‍රථම වරට පරීක්ෂණ

දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක, හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයකෙු වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට එරෙහිව ප්‍රථම වරට ජිනීවා මානව හිමිකම් කවුන්සිලය විසින් ඔහු සිදු කළ යුද අපරාධ ගැන පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම සහ ළමයින් සොල්දාදුවන් ලෙස බඳවා ගැනීම යනාදිය ඔහුට එල්ල වී ඇති චෝදනාවන් වේ. එම බරපතල චෝදනා යටතේ කරුණාට එරෙහිව ජාත්‍යන්තර සර්වලෝක නීතිය කි‍්‍රයාත්මක වන අතර ඔහු විදේශ රටකට පැමිණියහොත් අත්අඩංගුවට ගනු ඇත.

කරුණාට එරෙහිව ජාත්‍යන්තර නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස හියුමන් රයිට්ස් වොච් සංවිධානයද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා තිබේ.

Giraya News Alerts

2007 වසරේදී කරුණා ලන්ඩන් නුවරදී අත්අඩංගුවට ගැනීමෙන් පසු යුද අපරාධ චෝදනා එල්ලවුවත් ඔහු සතුව තානාපති ගමන් බලපත‍්‍රයක් තිබීම නිසා එම චෝදනාවලින් ගැලවී ඇත.

සම්බන්ධීත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top