Advertise with Giraya
POLITICS

‘හකීම් කියන ඒවා දෙපාරක් හිතලා අහන්න’ – අගමැති

මෙරට මුස්ලිම් ජනතාව ඇතැම් මුස්ලිම් නායකයන් ගෙන යන අසත්‍ය ප්‍රචාර ගැන යළි යළිත් සිතා බැලිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (29) දෙහිවල පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මුස්ලිම් සම්මේලනය අමතමින් ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, “පාසල් හා එයාර්පෝට් වහන්න තීරණය කළා. හමුදාව යෙදෙව්වා. හමුදාව යොදවපු නිසයි මේක මර්දනය කරන්න පුළුවන් වුණේ.

Giraya News Alerts

පුච්චනවාද වළදානවාද කියන ප්‍රශ්නය ආවා. අපි ගත්ත තීරණයක් නෙමෙයි. විශේෂඥ කණ්ඩායමක් ගත්ත තීන්දුවක්. වෛද්‍යවරුන්ගේ මතයට විරුද්ධ වෙන්න බෑ. මේකත් අපේ පිටට දැම්මා.

මේ දවස්වල රවුෆ් හකීම් තමයි කතාකරන්නේ. හකීම් කියන ඒවා දෙපාරක් හිතලා අහන්න. පසුගිය වතාවේ අපිට වැඩි සහායක් නොලැබුණ බවට මතයක් සහයෝගය දෙන පිරිසක් හිටියා. අපිට බුරියානි ඡන්දේ අලියාට. දැන් බුරියානිත් හම්බ වෙනවා, ඡන්දෙත් හම්බ වෙනවා. සජිත් කියනවා ගෝඨාභය එක්ක වැඩ කරන්න පුළුවන්ලු. ප්‍රේමදාස මහත්තයාට වඩා හොඳට අපිට වැඩ කරන්න පුළුවන්“ යැයි පැවසුවේ ය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top