මහ බැංකුවේ සිදු වූ වංචාවන් පිළිබඳව රනිල් වික්‍රමසිංහ වගකිව යුතු බව කොළඹ දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ අපේක්ෂක පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, කළුතර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක් වෙමින් ය.
පසුගිය ආණ්ඩු සමයේ කැබිනට් හමුවකදි මහ බැංකු අධිපතිවරයා ලෙස පත්කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා විසින් අර්ජුන මහේන්ද්‍රන්ගේ නම යෝජනා කළ විට තමන් සහ රාජිත සේනාරත්න මහතා එයට විරුද්ධ වු බවත් ඔහු එහිදී සඳහන් කළා.
නමුත් මහ බැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධයෙන් තමා සම්පුර්ණයෙන් වගකියන බවට එහිදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් පැවසූ බවත් එම නිසා මහ බැංකුවේ සිදු වූ වංචාවන් සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා වගකිව යුතු බව ඔහු එහිදී අවධාරණය කළා.
