Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

නීතිපති වැඩ බලන පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී නොසිටින බව කියයි

වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා විසින් ඉදිරිපත් කර ඇති රීට් පෙත්සම විභාගයේ දී, වැඩබලන පොලිස්පතිවරයා වෙනුවෙන් තමාට පෙනී සිටිය නොහැකි බව නීතිපතිවරයා දන්වා තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පවසන්නේ නීතිපති උපදෙස් මත ක්‍රියා නොකිරීම එයට ඊට හේතු ලෙස දක්වා ඇති බවයි.

මහත් ආන්දෝලනයකට තුඩුදුන් හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ දුරකථන හඬපට සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර සිටින නිවාර්ය නිවාඩු යැවූ ලැබ සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් ජූනි මස 8 වන දින අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

Giraya News Alerts

නඩුව නැවත ලබන අද (29) වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

ගිහාන් පිලපිටිය මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම ස්වාදායකයා සැකකරුවකු ලෙස නම්කර ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරිම සඳහා වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා විසින් ලබා දුන් උපදෙස්වලට අනුව පොලීසිය ක්‍රියාත්මක නොවූ බවද පෙන්වා දුන්නේය.

ඉන් අනතුරුව නීතිපතිවරයා මැදිහත් වී තම සේවාදායකයා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරිම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස කරන ලද ඉල්ලීම මත මහෙස්ත්‍රාත්වරයා තම සේවාදායකයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර ඇති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136(1)ඇ වගන්තිය යටතේ මෙවැනි නඩු කටයුත්තක් ඇරඹීමට නීතිපතිවරයාට බලයක් නොමැති බව ද සඳහන් කළේය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top