හිටපු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු විසින් අගරදගුරුතුමන් විවේචනය කරමින් සිදු කරන ලද ප්‍රකාශය ඇද ගෙන ගියේ මාධ්‍ය විසින් බව හරීන් ප්‍රනාන්දු පවසනවා. එමෙන්ම, මින් ඉදිරියට අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් සම්බන්ධ කරගෙන ප්‍රකාශ නොකරන නමුත් තමන් සිදු කරන ලද ප්‍රකාශයේ ස්ථාවරය නොවෙනස් වන බව ද ඔහු සඳහන් කරනවා.
ඔහු මෙම අදහස් පළ කර තිබුණේ ‘දිවයින’ පුවත්පත සිදු කරන ලද සාකච්ඡාවක දීය.
තවද තම අදහස් වලට කාදිනල්තුමා ඉතාමත් අවධානයෙන් සවන් දුන් බව සඳහන් කළ ඔහු තමා කළ කතාව පිළිබඳව හුඟ දෙනෙක් කාදිනල්තුමාගෙන් විමසීම් කිරීමට පටන් ගත්තා කියලා උන්වහන්සේ පැවසු බව ද සඳහන් කරයි.
අද මාධ්‍ය අතර තිබෙන්නේ තරගයක් බවද ඇතැම් විද්‍යුත් මාධ්‍ය දැන් කවුරුත් බලන්නේ නැතැයි හරීන් ප‍්‍රනාන්දු මහතා පවසා ඇත.
තමන්ගේ පක්ෂයේ ම උදවිය ඔහුව විවේචනය කළේ මනාප ලබා ගැනීමට බවත් තමා කළ ප‍්‍රකාශය පිළිබඳව කාදිනල්තුමාට කරුණු පැහැදිලිකර දුන් බවද පැවසුවේය. එදා කළ ප‍්‍රකාශය ගැන එතුමා කනගාටු වූ බවද පැවැසූ හරීන් ප‍්‍රනාන්දු මහතා “දැන් ප‍්‍රශ්න ඔක්කෝම ඉවරයි. හැබැයි මම තවමත් ඉන්නේ ඒ ස්ථාවරයේමයි” යැයි ද පැවසුවේය.
