Advertise with Giraya
NEWS

ඩොලර් මිලියන 5 ගැන හිටපු ජනපතිගෙන් නිවේදනයක්

ලෝක මුස්ලිම් ලීගය නැමැති සංවිධානය මෙරටට ලබා දුන් බව කියන අමෙරිකානු ඩොලර් මිලියන පහක මුදලක් පිළිබඳ අසත්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. ‍

මෙම නිවේදනයේ දැක්වෙන්නේ ලෝක මුස්ලිම් ලීගය නැමැති සංවිධානය 2019 වසරේ ජුනි 30 වැනිදා මෙරටදී සමුළුවක් පවත්වා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වුවන්ට ලබා දීම පිණිස අමෙරිකානු ඩොලර් මිලියන පහක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිරිනමා ඇතැයි ප්‍රකාශ නිකුත් කරන ලද බවයි. එම මුදල් විපතට පත් ජනතාවට ලබා නොදුන්නේ යැයි ප්‍රකාශ කෙරුණු බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එහෙත් ප්‍රධාන කරුණු 7 කට නිසි පරිදි තවමත් තොරතුරු ලබා නොදීම නිසා එම මුදල් මේ වනතෙක් ශ්‍රී ලංකාවට ලබා දී නොමැති බව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවේදනයේ සඳහන් ය.

Giraya News Alerts

එවක බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා කළ විමසීමකට අනුව ලෝක මුස්ලිම් සංවිධානයේ මහ ලේකම් ආචාර්ය ෂෙයික් මොහොමද් බින් අබ්දුල් කරීම් අල් ඊසා මහතා මේ බව ලිපියකින් දන්වා ඇති බවද මේ නිවේදනයේ දැක් වේ.

ප‍්‍රහාරය හේතුවෙන් මියගිය සංඛ්‍යාව, මියගිය අයගේ ආගම, මියගිය සහ තුවාල ලැබූවන්ගේ නාම ලේඛණය, ප‍්‍රහාරය හේතුවෙන් සහ ඊට අදාළව හානියට පත් දේපළවල වටිනාකම, වැන්දඹුවන් සහ අනත් දරු සංඛ්‍යාව, වෙනත් අදාළ තොරතුරු හා ජනාධිපති හෝ අගමැතිගේ පුණ්‍යාධාර ගිණුම් අංකය එම කරුණු 07 වනවා.

ඒ අනුව එම සංවිධානය ප‍්‍රදානය කිරීමට බලාපොරොත්තු වූ මුදල් පරිත්‍යාගය තවමත් ලක් රජයට, පුණ්‍ය ආයතනයකට හෝ වෙනත් පාර්ශවයකට මෙතෙක් ප‍්‍රදානය කර නොමැති බව එම ලිපිය මගින් වැඩිදුරටත් දන්වා තිබෙන බව ද හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

කෙසේවෙතත්, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කර ආගමික කටයුතු අමාත්‍යවරයා ඍජුවම සම්බන්ධ කරගෙන ඒ සඳහා අවශ්‍ය කටයුතු වේගවත් කිරීමට බලාපොරොත්තු වන බව ද ලෝක මුස්ලිම් සංවිධානයේ මහ ලේකම් ආචාර්ය ෂෙයික් මොහොමද් බින් අබ්දුල් කරීම් අල් ඊසා යොමු කළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙන බව හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල මහතාගේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

ඒ අනුව, මෙම මුදල් ප‍්‍රදානය හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත ලබාදුන් බව පවසමින් පැතිර ගිය අසත්‍ය ප‍්‍රචාර ප‍්‍රතික්ෂේප කරන බවත්, මෙම නිවේදනය සමග ලෝක මුස්ලිම් ලීගය යොමු කළ ලිපිය ද ප‍්‍රසිද්ධියට පත් කරන බවත්, හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

පසුගියදා පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණ වුණේ ලෝක මුස්ලිම් ලීගය විසින් හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන හට ලබා දුන් ඇමරිකානු ඩොලර් මිලියන 5ක මුදල මෙතෙක් පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයින්ට ලබාදී නොමැති බවයි.

අගරදගුරු පදවියේ සමාජ සුබසාධන ආයතනයක් වන සෙත් සරණ ආයතනයේ අධ්‍යක්‍ෂ දොන් නිශාන්ත ලෝරන්ස් රාමනායක පියතුමන් විසින් කොමිසම හමුවේ සාක්ෂි දෙමින් මේ බව සඳහන් කර සිටියා.

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top