කල්පිටිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරුන් දෙදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය හා ඔවුන් දරණ තනතුරු අත්හිටුවීමට එම පක්ෂය කටයුතු කර තිබෙන බව වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ තීරණයකට අනුව කල්පිටිය ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ඒ. සී. සලාහුදීන් සහ යූ. එම්. මොහොමඞ් අක්මල් යන මන්තී‍්‍රවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය හා තනතුරු මෙලෙස අත්හිටුවා ඇත.
අදාළ මන්ත්‍රීවරුන් දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන බව දන්වමින් රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්සන් කළ ලිපි 02 ක් මේ වන විට මන්තී‍්‍රවරුන් වෙත යොමු කර තිබෙන බව වාර්තා වේ.
එම මන්ත්‍රීවරුන් දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරිමට හේතුව වී ඇත්තේ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී එම මන්තී‍්‍රවරුන් දෙදෙනා විසින් පුත්තලම දිස්ති‍්‍රක්කයෙන් ස්වාධීන කණ්ඩායමකින් තරඟ කිරීමට නාම යෝජනා භාරදීම බව පක්ෂ නායකවරයා යොමු කළ ලිපියේ සඳහන් කර තිබේ.
