හිටපු අමාත්‍යවරයෙක් සූර්යබල ව්‍යාපෘතියක් අනුමත කිරීම සඳහා රුපියල් කෝටි පනහක මුදලක් ලබාගෙන ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා කරනු ලබන චෝදනාව සත්‍යනම් එය එල්ලවිය යුත්තේ එවකට එහි අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රංජිත් සියඹලාපිටිය මහතාට බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ ඊයේ (27) පැවසුවා.
ඒ සූර්ය බල විදුලි බලාගෙර ඉදිකරනු ලැබුවේ 2015 සහ 2018 අතර කාලවකවානුවේ බවත්, ඒ කාලයේ විශය භාර අමාත්‍යවරයාව සිටියේ රංජිත් සියඹලාපිටිය මහතා බැවින් යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියි.
ඒ අනුව, චම්පික රණවක,රවී කරුණානායක, රංජිත් සියඹලාපිටිය යන තිදෙනා අතරින් කෝටි 50 ක් ගත්ත අමාත්‍යවරයා රංජිත් සියඹලාපිටිය බවට සැකයක් පවතින බවත් ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති රන්ජිත් විතානගේ පවසනවා.
කෝටි 50 තමන් හොරකම් කලේ නැත්නම් නැති බව පවසන ලෙස ඇමතිවරු තිදෙනාටම ප්‍රසිද්ධ අභියෝගයක් කරන බව ද ඔහු එහිදී පැවසීය.
මෙයට ප්‍රතිචාර දක්වමින්, හිටපු අමාත්‍ය රවී කරුණානායක මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ තමන් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේදී එවැන්නක් සිදු නොවුණු බවත් මෙම වංචාව පිළිබඳව අනෙක් අමාත්‍යවරු දෙදෙනාගෙන් දැනගන්නා ලෙසත් ඔහු ප්‍රකාශ කර සිටියා.
