රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස යළිත් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය තෝරා පත් කර ගෙන තිබෙනවා. ඒ, ඊයේ (27) පැවැති නිලවරණයේදී සභාපති තනතුර සඳහා ඔහු නිතරඟයෙන් තේරී පත් වු බව එම සංගමයේ ප්‍රකාශකයෙකු සඳහන් කරයි.
සංගමයේ ලේකම්වරයා ලෙස වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා නිතරඟයෙන් පත් වී තිබේ.
මීට පෙර, ලේකම් තනතුරේ කටයුතු කළ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සංස්කාරක තනතුරට පත් කෙරුණු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේය. සෙසු තනතුරුවල වෙනසක් සිදුව නැත.
