එක්සත් ජාතික පක්ෂයේ ‘රටම යා කරන’ ඩිජිටල් මැතිවරණ ප්රචාරක කටයුතු අද (28) සවස 4.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයේ දි ආරම්භ වේ.
සිය දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම ප්රචාරක වැඩපිළිවෙළ සංවිධාන කෙරෙන අතර පක්ෂ නායක හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා එම ඩිජිටල් වේදිකාව හරහා ප්රචාරක රැස්වීම් 100 ක් එකවර ඇමතීමට නියමිත බවයි හිටපු පාර්ලිමේන්තු මන්තී්ර මහාචාර්ය ආශූ මාරසිංහ පවසනවා.
