ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට කෝටිය ඉක්මවා ඇති බව worldometers.com වෙබ් අඩවියේ දත්ත වාර්තාවන්ට අනුව පෙන්වා දෙයි. ඒ අනුව, දැනට ලොව වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 10,080,158ක් වේ. එමෙන්ම, දැනට වාර්තා වී ඇති රෝගින්ගෙන් 501,262ක් ජීවිතක්ෂයට පත් වී තිබේ. සුවය ලැබූ ප්රමාණය 5,457,898ක් වේ.
දැනට ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් ගණනක් වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙනි. මේ වන විට, ඇ.එ.ජ මිලියන 2.5 ඉක්මවූ ආසාදිතයින් ප්රමාණයක් වාර්තා වී තිබේ.
ලතින් ඇමරිකාවේ සීඝ්රයෙන් වෛරසය පැතිර යන කලාපයක් බවට දැනට හඳුනාගෙන ඇති අතර බ්රසීලයෙන් ලොව දෙවැනි තැනට වැඩිම ආසාදිතයින් ප්රමාණයක් වාර්තා වේ. බ්රසීලයෙන් මේ වන විට මිලියන 1.3 ඉක්ම වූ ආසාදිතයින් ප්රමාණයක් වාර්තා වේ.
සිව් වැනි තැනට වැඩිම ආසාදිතයින් ප්රමාණයක් වාර්තා වන රුසියාවෙන් 627,646ක් වාර්තා වී තිබේ.
අසල්වැසි ඉන්දියාවේ මේ වන විට කොරෝනා ආසාදිතයින් 529,577 ක් වාර්තා වී ඇති අතර මරණ 50,000 ඉක්ම වූ ප්රමාණයක් වාර්තා වී තිබේ.
