Advertise with Giraya
NEWS

කල් ඉකුත් වූ රියදුරු බලපත් අලුත් කරන සහන කාලය තවත් දීර්ඝ කරයි

වලංගු කාලය අවසන් වන රියදුරු බලපත‍්‍ර අලුත් කිරීමේ සහන කාලසීමාව තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ජූලි මස පළමුවනදා සිට සැප්තැම්බර් 30 වන දින දක්වා කාලය තුළ කල් ඉකුත් වන රියදුරු බලපත‍්‍රවල වලංගු කාලය මාස 03 කින් දීර්ඝ කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

මාර්තු 16 වනදා සිට ජූනි 30 වන දින දක්වා කාලය තුළ කල් ඉකුත් වන සෑම රියදුරු බලපත‍්‍රයකම වලංගු කාලය එම රියදුරු බලපත‍්‍රයේ වලංගු කාලය අවසන් වන දින සිට මාස 6 කින් දීර්ඝ කර ඇති බව ද පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top