Advertise with Giraya
Giraya NewsGiraya News
POLITICS

සජිත්, හරීන් කැටුව අගරදගුරුතුමන් බැහැ දැකීමට යයි

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අද (27) කොළඹ අගරදගුරු නිවසේ දී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දැකීමට ගොස් තිබෙනවා.

පසුගිය දින හරීන් ප්‍රනාන්දු විසින් සිදු කරන ලද අගරදගුරුතුමන් අරභයා සිදු කළ අපහාසාත්මක චෝදනා සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ විවිධ විවේචනයන් එල්ල විය. එම ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවන් වලදී මෙන්ම පූජ්‍ය පක්ෂය විසින්ද හරීන් ප්‍රනාන්දුගේ හැසිරීම දැඩි ලෙස හෙළා දකින ලදී. පසුව එල්ල වූ දැඩි විරෝධතාවයන් හමුවේ සජිත් ප්‍රේමදාස විසින් අගරදගුරුතුමන්ගෙන් සමාව අයැද සිටියා.

නමුත්, මෙම හමුවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිිටියේ පසුගිය කාලයේදී ඇතිවූ විවිධ ව්‍යාකුලත්වය සම්බන්ධයෙන් සාකච්ජා කොට සියළු දෙනා නිවැරදී තැනකට පැමිණි බවයි.

Giraya News Alerts

එමෙන්ම, කාදිනල් හිමිපාණන්ට හිමි ගෞරවය සැමදාම ලබා දෙන බවටද ඔහු මෙහිදී ප්‍රකාශ කළ අතර සාකච්ජාව ඉතා සුහදශීලිව පැවති බව ද පැවසුවා.

සම්බන්ධිත පුවත්

හරීන් කළ අපහාසයට සජිත් අගරදගුරුතුමන්ගෙන් සමාව ගනියි
අගරදගුරුතුමන් වෙනුවට ‘අදරගුරු’ ලෙස පැවසීම වෙනුවෙන් හරීන් සමාව ගනී

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top