ශ්‍රී ලංකාවේ කෝවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය වැළඳී සුවය ලැබූ ප්‍රමාණය අද(27) දිනයේ 1639 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ, අද (27) පෙරවරු 10.00 වන විට තවත් රෝගීන් 20 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟය.
එමෙන්ම, අද (27) දිනයේ පස්වරු 2.45 වන විට තවත් රෝගීන් 19 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඔවුන් සියළුදෙනාම බංග්ලාදේශයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් වේ.
ඒ අනුව, මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් 2033 ක ප්‍රමාණයෙන් මේ වන විට වාර්තා වී ඇති රෝගීන්ට සාපේක්ෂව සුවය ලැබූ ප්‍රමාණය 80% සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය 18%ක් ලෙස ද ජීවිතක්ෂයට පත් වූ ප්‍රමාණය 0.55%ක් ලෙස ද සටහන් වේ.
අප්‍රේල් මස 22 වනදායින් පසුව වාර්තා වූ රෝගීන්ගෙන් බහුතරය නාවික හමුදා සාමාජිකයින් වන අතර පසුගිය අප්‍රේල් මස 30 වනදායින් පසුව මෙතෙක් බාහිර සමාජයෙන් රෝගීන් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි.
ඊයේ (26) දිනයේ දී කොරෝනා ආසාදිත වූ රෝගීන් සිව් දෙනෙකු වාර්තා වී ඇති අතර ඔවුන් සියළුදෙනාම පාකිස්ථානයේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිට පුද්ගලයින් වේ.
දැනට වාර්තා වූ රෝගීන්ගෙන් 904 දෙනෙකු නාවික හමුදාවේ සාමාජිකයින් වේ. එම ආසාදිතයින්ගෙන් 821 දෙනෙකුම සුවය ලබා ඇත.
වාර්තා වූ රෝගීන්ගෙන් 724 දෙනෙකු විදෙස්ගතව මෙරටට පැමිණි ලාංකිකයින් වේ. එම පුද්ගලයින් අතරින් 668 දෙනෙකුම පසුගිය අප්‍රේල් මස 22 වන දිනට පසුව තහවුරු කරන ලද කොරෝනා ආසාදිතයින් වේ.
එමෙන්ම, වාර්තා වූ රෝගීන් අතරින් 77 දෙනෙකු දේශියව හඳුනාගත් අය ද, 14 දෙනෙකු අනෙකුත් හමුදාවන්ට අයත් පුද්ගලයන් ද, 30 දෙනෙකු විදෙශිකයන් ද වේ.
මේ දක්වා ශ්‍රී ලංකාවේ සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 102,665 ක් වේ. මැයි මාසය තුළ දී පමණක් සිදු කරන ලද පී.සී. ආර්. පරීක්ෂණ ප්‍රමාණය 42,873ක් වේ.සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දත්ත අනුව මේ මාසයේ දී සිදු කළ පී.සී. ආර් පරීක්ෂණ ප්‍රමාණය සහ හඳුනාගත් රෝගීන් ප්‍රමාණය පහතින් දැක්වේ.
- ජුනි 01 – 1,066 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 10
- ජුනි 02 – 1,783 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 40
- ජුනි 03 – 2086 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 66
- ජුනි 04 – 1890 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 48
- ජුනි 05 – 1816 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 04
- ජුනි 06 – 1243 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 13
- ජුනි 07 – 1718 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 21
- ජුනි 08 – 1766 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 22
- ජුනි 09 – 1579 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 02
- ජුනි 10 – 1433 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන –10
- ජුනි 11 – 1677 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන –08
- ජුනි 12 – 1390 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන –03
- ජුනි 13 – 1165 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන –04
- ජුනි 14 – 1116 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන –05
- ජුනි 15 – 1651 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන –16
- ජුනි 16 – 1276 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන –10
- ජුනි 17 – 1381 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන –09
- ජුනි 18 – 1374හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 23
- ජුනි 19 – 1495 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 03
- ජුනි 20 – 827 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 00
- ජුනි 21 – 1181 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 00
- ජුනි 22 – 1134 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 01
- ජුනි 23 – 1232 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 40
- ජුනි 24 – 1232 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 10
- ජුනි 25 – 1243 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 09
- ජුනි 26 – 1439 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 04
වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන අන්දමට අද (27) දින පෙරවරු 10.00 වන විට එම රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටි රෝගින් 364 දෙනාගෙන්,
- ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 37ක් ද,
- වැලිකන්ද මූලික රෝහලේ 73 ක් ද,
- මුල්ලේරියාව රෝහලේ 07 ක් ද,
- ඉරණවිල රෝහලේ 15ක් ද,
- කාතාන්කුඩි රෝහලේ 47ක් ද,
- හෝමාගම රෝහලේ 12ක් ද,
- මිනුවන්ගොඩ මූලික රෝහලේ 21ක් ද,
- හම්බන්තොට මහ රෝහලේ 76ක් ද,
- තෙල්දෙණිය මූලික රෝහලේ 48ක් ද,
- යුද හමුදා රෝහලේ 03ක් ද,
- කඹුරුගමුව මහ රෝහලේ 03ක් ද වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
එමෙන්ම, පුද්ගලයින් 41ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ රෝගීන් ගණන 11කි
