Advertise with Giraya
NEWS

බූූූූූස්ස බන්ධනාගාර රැඳවියන්ගේ ආහාර වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසක් සහ ආහාර වර්ජනයේ නිරත වූ රැඳවියන් පිරිස සමඟ ඊයේ (26) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් පසුව වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට රැඳවියන් පිරිස තීරණය කර තිබෙන බව වාර්තා වේ.

බන්ධනාගාර කොමසාරිස් – පාලන, බන්ධනාගාර කොමසාරිස් බුද්ධි හා මෙහෙයුම් සහ සහකාර බන්ධනාගාර අධිකාරි – බුද්ධි යන නිලධාරීන් එම සාකාවට සහභාගි වී තිබෙනවා. ඔවුන් වර්ජනයේ නිරත රැඳවියන් සමඟ සිර මැදිරි වෙත ගොස් වෙන වෙනම සාකච්ඡා කර ඇති බව බන්ධනාගාර ආරංචි සඳහන් කරයි.

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ අපරාධකරුවන් 15 දෙනෙකු පමණ මේ අයුරින් පසුගිය ජුනි 25 වන දින සිට ආහාර වර්ජනයක් ආරම්භ කර තිබුනේ තමන් එළිමහනේ රඳවා තැබෙන කාලය දීර්ඝ කරන ලෙසයි. සාකච්ඡාවට එක්වූ බන්ධනාගාර ඉහළ නිලධාරීන් පවසා ඇත්තේ එම ඉල්ලීම ඉටුකළ නොහැකි බවයි. කෙසේ වෙතත් දින 3 ක් ඇතුළත තමන්ට විසඳුමක් ලබාදෙන ලෙසට පවසා රැඳවියන් ආරම්භ කළ ආහාර වර්ජනය තාවකාලිකව අත්හිටුවා ඇති බව ද බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණ කළා.

ඒ අනුව ඊයේ රාත‍්‍රියේ අදාළ රැඳවියන් සිය ආහාර වර්ජනය නතර කර බන්ධනාගාරයෙන් සිය ආහාර වේල ලබාගෙන තිබෙනවා.

රැඳවියන්ට තහනම් භාණ්ඩ නොලැබීම සහ නීතිවිරෝධී කටයුතුවල නිරතවීමට අවස්ථා නොමැති වීම හේතුවෙන් ඔවුන් බූස්ස බන්ධනාගාරයේ සේවයේ නියුතු ඇතැම් නිලධාරීන්ට මරණ තර්ජන ද සිදුකර ඇති බව ද බන්ධනාගාර ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණ කරයි.

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top