සහශ්රක අභියෝගතා සමායතන ගිවිසුම හෙවත් MCC ගිවිසුම යටතේ ශ්රී ලංකාව වෙත ලබාදීම සඳහා වෙන් කොට තිබු අමෙරිකානු ඩොලර් මිලියන 480 ක මුදල ශ්රී ලංකා රජය වෙත මාරු කිරිම හෝ වියදම් කිරිමක් සිදුකොට නොමැති බව මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර සිටිනවා.
අමෙරිකානු තානාපති කාර්යාලය මේ බව නිවේදනය කර තිබෙන්නේ ට්ව්ටර් සටහනක් නිකුත් කරමින්ය.
එමෙන්ම, ගිවිසුම අත්සන් කිරීමේ පූර්ව ක්රියාකාරකම් සඳහා වූ අරමුදල් ද රජයේ තීරණය දැනුම් දෙන තෙක් කල් දමා ඇති බව ද අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි.
MCC ගිවිසුම සම්බන්ධයෙන් සමාලෝනය කිරීමට පත් කරනු ලැබූ විද්වත් කමිටුව සිය වාර්තාව පසුගිය 25 වන දා ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබුවා.
එහිදී, ඔවුන් කියා සිටියේ පසුගිය රජය විසින් එම ගිවිසුමේ අදියර දෙකක් සඳහා අත්සන් තබා ඇති බවත් අමෙරිකානු ඩොලර් මිලියන 10 ක ප්රදානයක් ලබා ගෙන තිබුනත් ඒ සම්බන්ධයෙන් ගිණුම් තොරතුරු නොමැති බවයි.
