ඉන්දීය සමාජ ජාලා සඳහා නැටුම් ඉදිරිපත් කරන ශිල්පිනියක් වූ 16 හැවිරිදි සියා කක්කාර් නවදිල්ලියේ පිහිටි සිය නිවසේදී දිවිනසා ගෙන ඇත.
‘ටික්ටොක්’ සමාජ ජාලාව ඔස්සේ නැටුම් ඉදිරිපත් කළ ඇයට මිලියන 1 ක පේ‍්‍රක්‍ෂක පිරිසක් සිටින බව ඉන්දීය මාධ්‍ය කියා සිටී. මිය යෑමට පෙර ඇය නවදිල්ලියේ උස ගොඩනැඟිල්ලක සිට ඇගේ වීඩියෝ දර්ශනයක්ද ප‍්‍රකාශයට පත් කර තිබුණි. ඇගේ මරණයට මුල්වී ඇති හේතුව මෙතෙක් හෙළි වී නැත.
