කොරෝනා වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ ලැබූ ආසාදිතයින් ගණන 821ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව නාවික හමුදාව ප්‍රකාශ කරයි.
ජුනි මස 25 වන දින විදත්තපලෙයි නිරෝධායන මධ්‍යස්ථානයෙන් කොරෝනා වෛරසය ආසාදිත වූ නාවික හමුදා සාමාජිකයින් 06 දෙනෙකු වාර්තා විය. ඔවුන් හය දෙනා ද ඇතුළුව මෙතෙක් වාර්තා වී ඇති නාවික හමුදාවේ සමස්ත ආසාදිතයින් ගණන 904ක් වේ.
ඒ අනුව, දැනට නාවික හමුදාවේ රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලබන සක්‍රීය ආසාදිතයින් ගණන 83ක් පමණක් වේ.
