ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2014ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (26) දිනයේ දී වාර්තා වූ රෝගීන් සිව්දෙනා ද ඇතුළුවයි. එම රෝගීන් සිව්දෙනාම පාකිස්ථානයේ සිට මෙරටට පැමිණ මියන්කුලම නිරෝධායන මධ්‍යස්ථනායේ තිදෙනෙක් ද, පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ එක් අයෙක් ද වශයෙන් නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ.
ඒ අනුව, දැනට මෙරට සිටින සක්‍රීය ආසාදිතයින් ගණන 384ක් දක්වා ඉහළ ගොස් ඇත. සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 1619ක් වේ.
මේ අතර, ඊයේ (26) දිනයේ දී තවත් නාවික හමුදා සාමාජිකයින් 09 දෙනෙකු පූර්ණ සුවය ලැබීමත් සමඟ සුවය ලද නාවික හමුදා සාමාජිකයින් ගණන 820ක් දක්වා ඉහළ ගියේය. දැනට වාර්තා වී ඇති සමස්ත නාවික හමුදාවේ ආසාදිතයින් ගණන 904ක් වේ. ඒ අනුව, නාවික හමුදාවේ සක්‍රීය ආසාදිතයින් ගණන 84 දක්වා අඩු වී ඇත.
තවද, ඊයේ (26) දිනයේ දී මෙරට දී සිදු කරන ලද පී.සී.ආර් පරීක්ෂණ ප්‍රමාණය ලක්ෂය ඉක්මවා යන ලදී.
