Advertise with Giraya
NEWS

මෛත්‍රීට දුන් ඩොලර් මිලියන පහ කිසිදු වින්දිතයෙකුට ලැබී නැහැ

ජාත්‍යන්තර මුස්ලිම් සංවිධානයක් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට, පාස්කු ඉරිදා දේවස්ථානවලට එල්ල වුණු ප්‍රහාරයන්ගෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට පිරිනැමූ ඇමෙරිකානු ඩොලර් මිලියන පහක මුදල මෙතෙක් කිසිදු වින්දිතයෙකුට ලැබී නැති බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පෙරේදා (25) අනාවරණය විය.

ඒ අනුව ඩුබායි හි පිහිටි මුස්ලිම්වරුන්ගේ එම සංවිධානය විසින් එවකට ජනාධිපති ධුරය හෙබවූ මෛත්‍රිපාල සිරිසේන මහතාට මෙම මුදල චෙක්පතක අනුරුවක් මඟින් පිරිනමනු ලැබ ඇත්තේ නෙළුම් පොකුණ රංග ශාලාවේ පැවැති උත්සවයක දී බව අගරදගුරු පදවියේ සමාජ සුබසාධන ආයතනයක් වන ‘සෙත් සරණ’ අධ්‍යක්ෂ දොන් නිශාන්ත ලෝරන්ස් රාමනායක පියතුමා අනාවරණය කළේය. කොමිසමේ දී සඳහන් වුණේ පාස්කු ප්‍රහාරයෙන් විපතයට පත් ජනතාවගේ සුබසාධන කටයුතු සියල්ල සොයා බලා සිදු කරනුයේ මෙම ‘සෙත් සරණ’ ආයතනය හරහා බවයි.

කොමිසම හමුවේ ලෝරන්ස් රාමනායක පියතුමන් වැඩිදුරටත් සඳහන් කළේ එම මුදලට කුමක් සිදුවීදැයි මෙතෙක් සොයා ගැනීමට නොහැකි බවයි. අගරදගුරු හිමිපාණන් හමුවීමට එකල රජයේ සිටි කතෝලික ඇමැතිවරුන් පැමිණි අවස්ථාවන්වල දී පවා උන්වහන්සේ ඒ ගැන එම ඇමැතිවරන්ට දැනුම් දුන්න ද ඒ අයටත් එම මුදල්වලට සිදු වූ දෙයක් සොයා ගැනීමට නොහැකි වූ බව පියතුමා කොමිසම හමුවේ වැඩිදුරටත් සඳහන් කළහ. ඒ ගැන සොයා බලන ලෙස අගරදගුරුතුමන් ද ඉල්ලීමක් කර ඇතත් තවමත් ඒ පිළිබඳ විභාගයක් සිදු නොවන බැවින්, මේ ගැන සියලු දෙනාට කියා අවසානයේ දී කොමිසම හමුවේ ද සඳහන් කළ බව රාමනායක පියතුමා කොමිසමට කියා සිටියේය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top