ජිනීවා මානව හිමිකම් කවුන්සලය විසින් තමාට එරෙහිව විමර්ශනයක් සිදු කළ නොහැකි බව හිටපු නියොජ්‍ය අමාත්‍ය දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සඳහන් කරනවා. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ තමා ඇතුළු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 13,000ක පමණ පිරිසකට රජයේ පොදු සමාව ලබා දී තිබෙන බැවින් ඒ අයුරින් තමා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට මානව හිමිකම් කවුන්සලයට නොහැකි බව ද ඔහු පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, ‘හිරු’ මාධ්‍ය නාලිකාවේ වැඩසටහනකට එක් වෙමින් ය.
එමෙන්ම, මෙම ප්‍රශ්න නිර්මාණය කරන්නේ සජිත් ප්‍රේමදාස විසින් බවත් කරුණා අම්මාන් එහිදී පවසනවා. එමෙන්ම, සජිත් ප්‍රේමදාසගේ පියා වන හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස විසින් ශ්‍රී ලංකා හමුදාව ඝාතනයට එල්.ටී.ටී.ඊ ය සඳහා හොඳම ගිනි අවි ලබා දුන් බවත් ඔහු සඳහන් කළා.
තවද, තමා පොහොට්ටුවේ සාමාජිකයෙකු නොවන නමුත් තමන් හැමදාම මහින්ද රාජපක්ෂ මහතා සමඟ සිටින බවත් එය කිසි දිනක නොවෙනස් වන බවත් ඔහු එහිදී අවධාරණය කළා.
එම වීඩියෝව පහතින්
