Advertise with Giraya
Giraya NewsGiraya News
POLITICS

යහපාලන ආණ්ඩුව ඉතිහාසයේ අවුරුදු පහම හොරා කාපු ආණ්ඩුවක් – රෝහිත අබේගුණවර්ධන

රට පාවා දෙන එම්.සී.සී. ගිවිසුමට මූලිකත්වය ගත් සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ, අද (26) දිනයේ දී පොදු ජන පෙරමුණ විසින් කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවක දී ය.

එහිදී, ඔහු ” මේ MCC ගිවිසුම් පසුගිය රජය පාර්ලිමේන්තුවටවත්, පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනා හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටවත් මේකේ ඉස්පිල්ලක්, පාපිල්ලක්, එක අකුරක්, කොම්බුවක්, එකම දෙයක්වත් මේ රටේ කිසිම කෙනෙක් දන්නේ නැහැ. කරුණාකරලා අපිට පෙන්නන්න මේ අත්සන් කරපු ගිවිසුම මොකද්ද?

Giraya News Alerts

ඔන්න දැන් තමයි බළලා මල්ලෙන් එළියට පැන්නෙ. යහපාලන රජය මේ රට වෙනත් රටවල් එක්ක ගිවිසුම් අත්සන් කරලා තියෙන්නේ හොරාට. ඉතිහාසයේ ම අවුරුදු පහම හොරා කාපු ආණ්ඩුවක්. ජනාධිපතිතුමා, මේ කමිටුවට කිව්වා ඉතාම ඉක්මනින් මේක ජනගත කරන්න.

ඩොලර් මිලියන 7.4ක්, ඒ වගේම ඩොලර් මිලියන 2.6ක් මේ ගිවිසුමත් එක්ක ලැබිලා තියෙනවා. දැන් මේක කාගේ සාක්කුවේද කියලා හොයන්න ඕනේ. දැන් මේක බලන්න ඕනේ මේක හිටපු ජනාධිපතිතුමාගේ සාක්කුවේ ද? හිටපු අගමැතිවරයාගේ සාක්කුවේ ද? හිටපු විදේශ කටයුතු ඇමතිවරයාගේ සාක්කුවේ ද? එහෙම නැත්නම් කැබිනට් මණ්ඩලය කෑලි කෑලි වලට කඩලා බෙදා ගත්තද කියලා. එතකොට ඒ රජයේ හිටපු හැම එක්කෙනෙක්ම මේකට වග කියන්න ඕනේ. මේක මහා ජාතික අපරාධයක්.

මම නම් පැහැදිලිව මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ ගිවිසුම අත්සන් කරන්න දායක වෙච්ච අය, මේ ගිවිසුම අත්සන් කරන්න මූලිකත්වය ගත්තු අය, මේ සම්බන්ධයෙන් මේ රටේ නීතිය ක්‍රියාත්මක කරලා රට පාවාදෙන රටේ ඉඩම් ටික විදේශිකයන්ට අයිති කරගන්න ඒ සියලු දේවල් කරපු අයව නීතිය ඉදිරියට ගෙනල්ලා ඔවුන්ට දඬුවම් දිය යුතු” යැයි පැවසුවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top