Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

අප්‍රේල් 21 සිදුවීමට අදාළ අසම්පූර්ණ ලිපිගොනු 40ක් නීතිපතිවරයා යළි පොලීසියට හරවා යවයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සම්බන්ධ, අසම්පූර්ණ ලිපිගොනු 40ක් නීතිපති දෙපාර්තමේන්තුව විසින් නැවත වැඩබලන පොලිස්පතිවරයාට යවා තිබේ.

නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරී නිශාරා ජයරත්න මෙනවිය පවසා සිටියේ, ඒ සම්බන්ධ පරීක්ෂණ නිසි ලෙස අවසන් කරන ලෙස ද වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බවය.

පාස්කු ඉරිදා එල්ලවූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් දිවයිනේ විවිධ පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් සම්බන්ධයෙන් සිදු කරනු ලැබු විමර්ශනයන්ට අදාලව නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති විමර්ශන ලිපි ගොනු සහ උදෘත ඇතුලත් ලිපි ගොනු රාශියක විමර්ශන අවසන් බවට සඳහන්ව තිබුණත් එම විමර්ශන සම්පුර්ණ නොවූ ඒවා බව නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.

Giraya News Alerts

පවතින තත්ත්වය මත දැනට ලැබී ඇති සෙසු ලිපිගොනු පරික්ෂා කර බලා ඒවායේ අඩුපාඩු ඇත්නම් යළි භාර දීමට පියවර ගන්නා බවත් එම ලිපිගොනුවල විමර්ශන නිසි පරිදි අවසන් කොට නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලෙස නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පතිවරයාට සිය ලිපිය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top