Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

මැගසින් බන්ධනාගාරයේ තාප්පයක් උඩින් ඇතුළට ආ පාර්සලය

කොළඹ මැගසින් බන්ධනාගාරයේ තාප්පයෙන් කිසියම් අයකු විසින් වීසි කරන ලද බෝම්බයක් වැනි පාර්සලයක් හේතුවෙන් එම බන්ධනාගාරය තුළ උණුසුම් තත්ත්වයක් ඇති වූ බව වාර්තා වේ.

එම පාර්සලය බෝම්බයක් ආකාරයෙන් ඔතා බන්ධනාගාරය තුළට විසිකර තිබීම සම්බන්ධයෙන් වහාම බොරැල්ල පොලිසිය දැනුවත් කළ බවත් එහිදී බෝම්බ නිෂ්ක්‍රීය අංශය පැමිණ එය පරීක්ෂා කරනු ලැබූ බවත් බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා සඳහන් කරයි.

බෝම්බ නිෂ්ක්‍රීය අංශය මගින් පරීක්ෂාවට ලක්කළ එම පාර්සලය තුළ ඉතා සුක්ෂම ආකාරයෙන් අසුරා තිබූ හෙරොයින් සහ අයිස් මත්කුඩු, ජංගම දුරකථනයක්, චාජරයක් තිබූ බවට අනාවරණය වූ බව ඒකනායක මහතා පැවසුවා.

Giraya News Alerts

මෙම පාර්සලය සීවලිපුර ප්‍රදේශයේ මැගසින් බන්ධනාගාර තාප්පයෙන් බන්ධනාගාරය තුළට විසිකර තිබූ බවට පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.

-ලංකාදීප-

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top