සහශ්රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය හෙවත් MCC ගිවිසුම සමාලෝචනය කිරීම සඳහා පත්කළ කමිටුවේ අවසන් වාර්තාව ඊයේ (25) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාර දෙන ලදී.
එහි මුල් අදියර දෙකකට අත්සන් කර කෝටි 180ක මුදලක් ලබා ගෙන ඇතැයි එම වාර්තාව මඟින් හෙළි වී තිබෙනවා. මේ පිළිබඳව අදහස් දක්වමින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ති‍්‍රක් අපේක්ෂක මහාචාර්ය චන්න ජයසුමන පෙන්වා දෙන්නේ, MCC ගිවිසුමේ මුල් අදියර දෙකට අත්සන් තබා ලබාගත් රුපියල් කෝටි 180 ක මුදලට සිදු වූයේ කුමක්දැයි, පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ නායකයින් හෙළි කළ යුතු බවයි.
අනුරාධපුර ඉපලෝගම ප්‍රදේශයේ පැවති ජන හමුවක දී ඔහු මෙම අදහස් පළ කළා.
මේ අතර MCC ගිවිසුම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මහනුවර දිස්ති‍්‍රක් අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් කිරිඇල්ල ද අදහස් පළ කළා. එහිදී ඔහු සඳහන් කළේ “MCC ගිවිසුම සම්බන්ධයෙන් විද්වත් කමිටුවේ වාර්තාව එළිදක්වන්න කියලා අපි රජයට කියනවා. මොකද ඒ වාර්තාව අධ්‍යනය කරලා අපේ ස්ථාවරය දැනුම් දෙන්න අවශ්‍යයි.” යනුවෙනි.
