Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කළුතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා අත්අඩංගුවට

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් දේපළවලට හානි සිදු කිරීමේ චෝදනාවට කළුතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්ත‍ෙ කළුතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක, එස්.ඒ.ඩී. නිලන්ත මහත‍ා හා තවත් පුද්ගලයෙකු විසින් පසුගිය 23 වනදා කළුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ ඉබි යතුරු කඩා දමමින් ඊට ඇතුළු වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේය.

මේ සම්බන්ධයෙන් එහි කළමනාකරු විසින් කළුතර දකුණ පොලිසියවෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඊට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

Giraya News Alerts

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (26) දින කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top