බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ අපරාධකරුවන් ආහාර වර්ජනයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වේ. එම බන්ධනාගාරවල රඳවා සිටින විශේෂ ගණයේ අපරාධකරුවන් 15 දෙනෙකු පමණ ඊයේ (25) රාත‍්‍රී ආහාරවේල ප‍්‍රතික්ෂේප කරමින් ආහාර වර්ජනය කර ඇති බව වාර්තා වේ.
ඔවුන් මෙලෙස ආහාර වර්ජනයක් අරම්භ කර තිබෙන්නේ ඔවුන් රඳවා තිබෙන වෙන – වෙනම සිරමැදරිවලින් පිටතට ගෙන තබන කාලය වැඩි කරන ලෙස ඉල්ලමින් ය. දිනපතා අවස්ථා දෙකකදී පැය බැගින් පැය 02 ක කාලයක් ඔවුන් රඳවා සිටින සිර මැදිරිවලින් පිටතට ගෙන ව්‍යායාම කිරීම සඳහා අවස්ථාව ලබා දෙයි.
ඔවුන් පිටතට ගනු ලබන්නේ ද අනෙකුත් රැඳවියන්ට එකිනෙකා මුණ නොගැසෙන ආකාරයටයි. එලෙස සිර මැදිරිවලින් පිටත රඳවා තබන කාලය තවත් වැඩි කරන ලෙස ඔවුන් ඉල්ලිම් කර තිබෙනවා.
කෙසේ වෙතත්, බන්ධනාගාර ප‍්‍රධානීන් එම ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වා නැහැ. කොස්ගොඩ තාරක, වෙලේ සුදා, පොට්ට නවුෆර්, කංජිපානි ඉම්රාන් වැනි ප‍්‍රබල ගණයේ අපරාධකරුවන් අදාළ සිරමැදිරිවල රඳවා සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.
මේ අතර, කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඊයේ සිදු කළ සෝදිසි මෙහෙයුම් 02 කදී ජංගම දුරකථන 15 ක් සොයාගැනුණු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
