මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරන ආණ්ඩුවක තමන් මොහොතක් හෝ නොසිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
එය MCC නොව වෙනත් ඕනෑම නමකින් පැමිණිය ද තම මතය අදාළ වන බවද ඔහු පැවසීය. මෙරට ව්‍යවස්ථාදායකයට පවා උඩින් යන, අධිකරණයට පවා වග නොකියන, ලංකාවේ නීතිය අභිබවා යන තත්වයක් ඇතිවෙන ගිවිසුම් කුමන නමින් ආවත් තම තමන්ගේ විරෝධය පළ කරන බව ද ඔහු පැවසීය.
සිය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
මේ අතර MCC ගිවිසුම සම්බන්ධයෙන් වූ සමාලෝචන අවසන් වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඊයේ (24) දිනයේ ඒ සඳහා පත්කරන ලද කමිටු විසින් භාර දෙන ලදී. එම වාර්තාව අද (25) දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබීය.
සහශ්රක අභියෝගතා සමායතන යෝජනාවලිය සමාලෝචනය කිරීමේ කමිටුව’ විසින් MCC ගිවිසුම සම්බන්ධයෙන් මාස 06ක කාලයක් අධ්‍යයනයක නිරත වූ අතර එහිදී විවිධ ක්ෂේත්රයන්හි අදහස් හා යෝජනා ද සැළකිල්ලට ගනු ලැබීය.
ඉන් අනතුරුව සිදු කරන ලද දීර්ඝ අධ්‍යයනයකින් පසුව එම කමිටුව විසින් නිර්දේශ සහිත වාර්තාව සකස් කර ඇත.
