පසුගියදා දිවියෙන් සමුගත් බොලිවුඩයේ තාරකාවක් වූ සුෂාන්ත් සිං රාජ්පුත් අවසන් වරට රංගනයෙන් දායක වූ ‘දිල් බේචාරා (Dil Bechara) චිත්රපටිය ජූලි මස 24 වන දින Disney Plus Hotstar ඔස්සේ තිරගත වීමට නියමිත බව ‘The Indian Express’ වාර්තා කරයි.
මෙම චිත්රපටියේ ප්රධාන චරිත සඳහා සුෂාන්ත් සිං රාජ්පුත්, සංජානා සනග්හි, සායිෆ් අලී ඛාන් රංගනයෙන් දායක වේ. මෙම චිත්රපටිය සංජානාගේ රංගන දිවියේ පළමු පියවරයි.
මෙම චිත්රපටිය ජෝන් ග්රීන්ගේ ‘The Fault in Our Stars (2013)’ පාදක කරමින් නිර්මාණය කරන ලද්දක් වේ. මෙය තිරගත වීම සඳහා නියමිතව තිබුනේ මැයි මස 08 වන දින වුවත් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් එය ප්රමාද විය.
