Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කොරෝනා ආසාදිත නාවිකයින් 6ක් වාර්තා වේ

අද (25) පස්වරු 2.00 වන විට කොරෝනා වෛරසය ආසාදිත වූ තවත් නාවික හමුදා සාමාජිකයින් 6 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරයි. ඒ අනුව, මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2007 දක්වා ද ආසාදිත නාවික හමුදා සාමාජිකයින් ගණන 904 දක්වා ද වැඩි වී තිබේ.

පසුගිය ජුනි 19 වැනි දින වාර්තා වූ පසු ඊයේ (24) දිනයේ දී නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකුට කෝවිඩ් -19 වෛරසය ආසාදිත බවට තහවුරු වී තිබිණි. එමෙන්ම, ඇමරිකාවේ සිට පැමිණි තවත් පුද්ගලයින් 07 දෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (24) තහවුරු විය.

එමෙන්ම, අද (25) පෙරවරුවේ දී තවත් රෝගීන් 40 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය විසින් වාර්තා කළේය. ඒ අනුව, සුවය ලැබූ රෝගීන් ගණන 1602 දක්වා වැඩි වී ඇත.

Giraya News Alerts

දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 405ක් දක්වා වැඩි වී ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top