ශ්‍රී ලංකාවේ කෝවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය වැළඳී සුවය ලැබූ ප්‍රමාණය අද(25) දිනයේ දී 80%ක ප්‍රමාණය ඉක්මවා ගොස් ඇත. ඒ, තවත් රෝගීන් 40 දෙනෙකු අද (25) දින පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය විසින් වාර්තා කිරීමත් සමඟයි . ඒ අනුව, සුවය ලැබූ සමස්ත රෝගින් ගණන 1602 දක්වා ඉහළ ගොස් ඇත.
ඒ අනුව, මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් 2001 ක ප්‍රමාණයෙන් මේ වන විට වාර්තා වී ඇති රෝගීන්ට සාපේක්ෂව සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය 19.3%ක් ලෙස ද ජීවිතක්ෂයට පත් වූ ප්‍රමාණය 0.55%ක් ලෙස ද සටහන් වේ.

අප්‍රේල් මස 22 වනදායින් පසුව වාර්තා වූ රෝගීන්ගෙන් බහුතරය නාවික හමුදා සාමාජිකයින් වන අතර පසුගිය අප්‍රේල් මස 30 වනදායින් පසුව මෙතෙක් බාහිර සමාජයෙන් රෝගීන් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි.
ඊයේ (24) දිනයේ දී කොරෝනා ආසාදිත වූ රෝගීන් 10 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 7 දෙනෙකු ඇමරිකාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසක් වේ. අනෙක් රෝගීන් තිදෙනා ඉයක්කච්චි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි නාවික හමුදා සාමාජිකයින් වේ. ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2001 ක් ලෙස මේ වන විට වාර්තා වේ.

මින් පෙර 901ක් ලෙස සටහන් කර තිබූ කොරෝනා ආසාදිත වූ නාවිකයින් ගණන 898 දෙනෙකු ලෙස අද (25) දිනයේ දී වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවේ සඳහන් වේ. එහි පැහැදිලි කර තිබෙන්නේ දේශීය නිරෝධායන කණ්ඩායම්වල සිටිය යුතු නාවික හමුදා ආශ්‍රිතයින් 6 දෙනෙකු නාවිකයින් ලෙස නම් කර තිබීමෙන් සිදු වී ඇති වරද නිවැරදි කර ඇති බවයි. ඒ අනුව, නවතම වාර්තාවේ සඳහන් කරන ආකාරයට ආසාදිතයින් 43 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් සමිපව ආශ්‍රය කළ පුද්ගලයින් වේ.
වාර්තා වූ රෝගීන්ගෙන් 717 දෙනෙකු විදෙස්ගතව මෙරටට පැමිණි ලාංකිකයින් වේ. එම පුද්ගලයින් අතරින් 661 දෙනෙකුම පසුගිය අප්‍රේල් මස 22 වන දිනට පසුව තහවුරු කරන ලද කොරෝනා ආසාදිතයින් වේ.
එමෙන්ම, වාර්තා වූ රෝගීන් අතරින් 71 දෙනෙකු දේශියව හඳුනාගත් අය ද, 14 දෙනෙකු අනෙකුත් හමුදාවන්ට අයත් පුද්ගලයන් ද, 30 දෙනෙකු විදෙශිකයන් ද වේ.
මේ දක්වා ශ්‍රී ලංකාවේ සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 99,983 ක් වේ. මැයි මාසය තුළ දී පමණක් සිදු කරන ලද පී.සී. ආර්. පරීක්ෂණ ප්‍රමාණය 42,873ක් වේ.සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දත්ත අනුව මේ මාසයේ දී සිදු කළ පී.සී. ආර් පරීක්ෂණ ප්‍රමාණය සහ හඳුනාගත් රෝගීන් ප්‍රමාණය පහතින් දැක්වේ.
- ජුනි 01 – 1,066 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 10
- ජුනි 02 – 1,783 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 40
- ජුනි 03 – 2086 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 66
- ජුනි 04 – 1890 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 48
- ජුනි 05 – 1816 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 04
- ජුනි 06 – 1243 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 13
- ජුනි 07 – 1718 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 21
- ජුනි 08 – 1766 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 22
- ජුනි 09 – 1579 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 02
- ජුනි 10 – 1433 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන –10
- ජුනි 11 – 1677 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන –08
- ජුනි 12 – 1390 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන –03
- ජුනි 13 – 1165 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන –04
- ජුනි 14 – 1116 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන –05
- ජුනි 15 – 1651 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන –16
- ජුනි 16 – 1276 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන –10
- ජුනි 17 – 1381 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන –09
- ජුනි 18 – 1374හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 23
- ජුනි 19 – 1495 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 03
- ජුනි 20 – 827 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 00
- ජුනි 21 – 1181 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 00
- ජුනි 22 – 1134 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 01
- ජුනි 23 – 1232 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 40
- ජුනි 24 – 1232 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 10
එමෙන්ම, මේ වන විට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය 388 දක්වා අඩු වී තිබේ. වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන අන්දමට අද (25) දින පෙරවරු 10.00 වන විට එම රෝගින් 388 දෙනාගෙන්,
- ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 40ක් ද,
- වැලිකන්ද මූලික රෝහලේ 73 ක් ද,
- මුල්ලේරියාව රෝහලේ 08 ක් ද,
- ඉරණවිල රෝහලේ 22ක් ද,
- කාතාන්කුඩි රෝහලේ 59ක් ද,
- නාවික රෝහල (වැලිසර) 0ක් ද,
- හෝමාගම රෝහලේ 34ක් ද,
- මිනුවන්ගොඩ මූලික රෝහලේ 15ක් ද,
- හම්බන්තොට මහ රෝහලේ 80ක් ද,
- තෙල්දෙණිය මූලික රෝහලේ 52ක් ද,
- යුද හමුදා රෝහලේ 04ක් ද වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
- තවත් එක් රෝගියෙකු රෝහල වෙත යොමු කරමින් සිටියි.
එමෙන්ම, පුද්ගලයින් 36ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ රෝගීන් ගණන 11කි
