විශාල වශයෙන් ඉඩ කඩ තිබෙන උපකාරක පන්ති ශාලා සඳහා ළමුන් 100 දෙනෙකුට වඩා සහභාගී කර ගැනීමේ හැකියාවක් ඇත්දැයි සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙත උපදෙස් ලබා දී ඇත.
ඉඩ කඩ තිබෙන ශාලාවල අවම ගණනක් සිසුන් සහභාගී කරමින් ඉගැන්වීම් කටයුතු සිදු කිරීම තමන්ට ගැටළුවක් වි තිබෙන බව උපකාර පන්ති පවත්වන ගුරුවරුන් විසින් ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.
ඒ අනුව සෞඛ්‍ය උපදෙස් මත එවැනි උපකාරක පංති සඳහා දැනට පනවා ඇති ළමුන් සීමාව වැඩි කිරිමට ඇති හැකියාව ගැන සොයා බලන ලෙස ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත දැනුම් දී ඇත.
