එල්.ටී.ටී.ඊ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකුව සිටියදි කටයුතු කළ ආකාරය පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට අද (25) දිනයේ දී පැමිණ තිබෙනවා.
පසුගියදා (17) අම්පාර ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීමකදී තමන් එල්.ටි.ටි.ඊ. සංවිධානයේ සිටියදී තමන් කොරෝනාවට වඩා භයානක බව පිළිගනිමින් සිදු කළ ප්‍රකාශය ගැන විමර්ශනයක් සිදුකරන ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න විසින් ජුනි 22වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබුවා.
පසුව ජුනි 23 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස ඔහුට දැනුම් දී තිබු අතර තමන් අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් සුවවූ පසු ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන බවට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුම් දී තිබුණි.
සම්බන්ධිත පුවත්
- කොටි දුර්වලව සිටි වෙලාවේ සජිත්ගේ පියා දුන් දේවල් ගැන සජිත් දන්නවා – කරුණා කියයි
- කරුණා අම්මාන් අපේ පක්ෂයේ අපේක්ෂකයෙන් නෙමෙයි – පොහොට්ටුවෙන් ප්‍රකාශයක්
- කොරෝනාවට වඩා භයානක කරුණාට එරෙහිව සෝභිත හිමියන්ගෙන් පැමිණිල්ලක්
- තමන් කොරෝනාවට වඩා භයානක බව කරුණා පිළිගනියි
