Advertise with Giraya
Giraya NewsGiraya News
BUSINESS

මෙම වසර අවසාන වන තෙක් ඉන්ධන මිල ඉහළ දමන්නේ නැහැ – මහින්ද අමරවීර

ඉදිරි කාලය තුළ ලෝක වෙළෙඳ පොලේ ඉන්ධන මිල කෙතරම් ඉහළ ගියද, මෙම වසර අවසානය වන තෙක් මෙරට ඉන්ධන මිල ඉහළ දැමීමක් කිසිදු අයුරකින් සිදු නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (24) දිනයේ දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ය.

එමෙන්ම, ජුනි 23 වන දින සිට ඩීසල් හා පෙට්‍රල් මත පනවා තිබු රු. 26ක අධිභාරය ඉවත් කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

Giraya News Alerts

ඉන්ධන අධිභාරය ඉවත් කිරීම මඟින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදුවන පාඩුව පෙට්‍රල් ලීටරයකට රුපියල් 35කටත් වඩා වැඩිවන අතර, ඩීසල් ලීටරයකින් සිදුවන පාඩුව රු. 25ක් පමණ වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

පසුගිය මාස දෙක තුන තුළ ලෝක වෙළෙඳ පළෙහි ඉන්ධන මිල පහළ යාම තාවකාලිකව සිදු වූවක් වන අතර කොවිඩ් 19 නිසා ලෝකයේ බොහෝ රටවල් විසින් පනවා තිබු සීමාවන් ඉවත් කිරීමත් සමග වරක් ඉන්ධන මිල ඉහළ යමින් ඇතැයි ද අමාත්‍යවරයා පවසයි.

එම අවස්ථාවේ මිල අවම වීම හේතුවෙන් ශ්‍රී ලංකා රජය විසින් ඉන්ධන මිල අඩු කිරීමක් සිදු නොකළේ, ඉන්ධන මිල ඉහළ ගිය පසු නැවතත් මිල වැඩි කිරීමට සිදුවන නිසා බව කී අමාත්‍යවරයා ඉදිරි කාලය තුළ ලෝක වෙළෙඳ පොලේ ඉන්ධන මිල කෙතරම් ඉහළ ගියද, මෙම වසර අවසානය වන තෙක් මෙරට ඉන්ධන මිල ඉහළ දැමීමක් කිසිදු අයුරකින් සිදු නොකරන බව සඳහන් කළේය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top