හිටපු අමාත්‍ය මංගල සමරවීර විසින් හිටපු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු විසින් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් වෙත සිදු කරන ලද අපහාසාත්මක ප්‍රකාශයන් පිළිබදව අගය කිරිමක් සිදු කර තිබේ.
තම පෞද්ගලික ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් මංගල සමරවීර පවසන්නේ කතෝලික පල්ලියේ සමහර කොටස්වල ඇති කුහකකමට අභියෝග කිරීමට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රී හිටපු මන්ත්‍රීවරයාට තිබූ ධෛර්යය සම්බන්ධයෙන් තමන් පුදුමයට පත්වන බවයි. එමෙන්ම, ඔහු සඳහන් කර ඇත්තේ වත්මන් පාලකයන්ට සහාය අන්තවාදී බෞද්ධ හා පූජක සන්ධානයක් ඇති බවයි.
එම ට්විටර් සටහන පහතින් දැක්වේ.
පසුගියදා මැදිරිගිරියේ දී පැවති ජනහමුවකදි හරීන් ප්‍රනාන්දු විසින් අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වෙත සිදු කරන ලද අපහාසාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ මෙන්ම ආගමික පූජකවරුන් වෙතින්ද දැඩි විරෝධයක් එල්ල විය.
පසුව හරීන් ප්‍රනාන්දු විසින් සිදු කරන ලද අපහාසාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අගරදගුරු හිමිපාණන්ගෙන් සමාව අයැද සිටියා. නමුත්, ඊයේ (23) දිනයේ දී බදුල්ල ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් හරීන් ප්‍රනාන්දු පවසා සිටියේ අගරදගුරුතුමන් වෙනුවට ‘අදරගුරු’ ලෙස පැවසීම වෙනුවෙන් පමණක් තමන් සමාව ගන්නා බවයි. තමා සිදු කරන ලද ප්‍රකාශයේ කිසිදු වෙනසක් සිදු නොවන බවද ඔහු පැවසුවා.
සම්බන්ධිත පුවත්
සජිත්ගේ සමාව ගැනීමෙන් පසු හරීන් කියූ කපටියාගේ හා අවංකයාගේ කතාව
අගරදගුරුතුමන් වෙනුවට ‘අදරගුරු’ ලෙස පැවසීම වෙනුවෙන් හරීන් සමාව ගනී
හරීන් කළ අපහාසයට සජිත් අගරදගුරුතුමන්ගෙන් සමාව ගනියි
