Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කොරෝනා ආසාදිත වූ නාවික හමුදා සාමාජිකයින් 3ක් වාර්තා වෙයි, සමස්ත ආසාදිතයින් ගණන 2000 ඉක්මවා යයි

ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන කෝවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 2001 ක් බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අද (24) දිනයේ දී තවත් රෝගීන් 10 දෙනෙකු වාර්තා වීමත් සමඟයි.

අද (24) දිනයේ දී වාර්තා වී ඇති රෝගීන්ගෙන් 7 දෙනෙකු ඇමරිකාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසක් වේ. අනෙක් රෝගීන් තිදෙනා ඉයක්කච්චි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි නාවික හමුදා සාමාජිකයින් වේ.

ඒ අනුව,මේ වන විට වාර්තා වන සක්‍රීය කොරෝනා ආසාදිතයින් ගණන 428ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද (24) පෙරවරුවේ තවත් කොරෝනා ආසාදිතයින් 14 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. එත් සමඟ මෙරටින් වාර්තා වූ රෝගීන්ගෙන් 1562ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

Giraya News Alerts

ජීවිතක්ෂයට පත් වූ රෝගීන් සංඛ්‍යාව 11කි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top