Advertise with Giraya
NEWS

මැතිවරණය සෞඛ්‍යාරක්ෂිතව පවත්වන්න විෂබීජ නාශක දියර වලට පමණක් කෝටි 100ක වියදමක් !

කෝවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර මහමැතිවරණයේදී විෂබීජ නාශක දියර වෙනුවෙන් පමණක් රුපියල් කෝටි සියයක පමණ මුදලක් වැය වෙනු ඇති බවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය විශ්වාසය පළ කරනවා. කෙසේ වෙතත්, මැතිවරණයට වැය වන මුදල කෝටි දහසකට අඩුවෙන් තබා ගැනීමට මැතිවරණ කොමිසම උත්සාහ කරන බව සභාපතිවරයා සදහන් කරනවා.

මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව විසින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමඟ සිදු කරන ලද සාකච්ඡාවේ වීඩියෝවක් පහතින් දැක්වේ.

එළඹෙන මහ මැතිවරණයේදී ඡන්දය ප‍්‍රකාශ කිරීමට පෙර ඇඟිලි වර්ණ ගැන්වීම සදහා වෙනම ක‍්‍රමයක් භාවිත කිරීමට සිදුව ඇති බව ද ඔහු පවසනවා

Giraya News Alerts

එසේම, මැතිවරණ රැස්වීම් සඳහා පැමිණිය හැකි සංඛ්‍යාව වැඩි කරන ලෙසට ද මේ වන විට ඉල්ලීම් ලැබී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ අතර, මැතිවරණ පැමිණිලි ඉදිරිපත් කිරීම සදහා මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා. මැතිවරණ කාලසීමාව තුළ යම් පක්ෂයක්, කණ්ඩායමක් හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය වන නිතී විරෝධි කටයුතු සහ අගතියට පත් වන සිදුවිම් පිළිබද මෙම මධ්‍යස්ථානයට පැමිණිලි කළ හැකි බව මැතිවරණ කොමිසම සදහන් කරයි.

ඊට අදාළ පැමිණිලි 011 2 886 179, 011 2 886 421 සහ 011 2 886 117 යන දුරකතන අංක ඇමතීමෙන් මෙන්ම 071 91 60 000 අංකයට වට්ස්ඇප් සහ වයිබර් කළ හැකි බව මැතිවරණ කොමිසන් සභාව නිවේදනය කරයි.

කෙසේවෙතත් ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයටඅමතරව දිස්ත්‍රික් මට්ටමින් ද පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථාන පිහිටුවා ඇති බව එම කොමිසම වැඩිදුරටත් සදහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top