Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

සක්‍රීය ආසාදිතයින් ගණන 418ක් දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කෝවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය වැළඳී සුවය ලැබූ ගණන 1562 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය විසින් අද (24) පෙරවරු 10.00ට නිකුත් කරන ලද දෛනික වාර්තාවෙහි සඳහන් වේ. ඒ, ගත වූ පැය 24 තුළ දී තවත් ආසාදිතයින් 14 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟය.

ඒ අනුව, මෙරටින් වාර්තා වන රෝගීන්ගෙන් මේ වන විට වාර්තා වී ඇති රෝගීන්ට සාපේක්ෂව සුවය ලබා ඇති ප්‍රතිශතය 78.6% ක් වේ. සක්‍රීය ආසාදිතයින් ගණන 20% ලෙස සටහන් වේ.

අප්‍රේල් මස 22 වනදායින් පසුව වාර්තා වූ රෝගීන්ගෙන් බහුතරය නාවික හමුදා සාමාජිකයින් වන අතර පසුගිය අප්‍රේල් මස 30 වනදායින් පසුව මෙතෙක් බාහිර සමාජයෙන් රෝගීන් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි.

Giraya News Alerts

ජුනි මස 20,21 යන දෙදින තුළ දී ලංකාවෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නොවූ අතර ඊයේ (22) දිනයේ දී මාලදිවයිනේ සිට පැමිණි එක් පුද්ගලයෙකු කොරෝනා ආසාදිත බවට තහවුරු විය. ඒ අනුව, මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1951 ලෙස වාර්තා විය.

ඊයේ (23) දිනයේ දි කොරෝනා ආසාදිත වූ රෝගීන් 40 දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඔවුන්ගෙන් 29 දෙනෙකු මුම්බායිහි සිට පැමිණි වෙළඳ නාවිකයින් පිරිසක් බවත් අනෙක් 11 දෙනා ඇමරිකාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව වාර්තා කරයි.

මේ අතර, අප්‍රේල් මස 27 වන දින සිට වසා දමා තිබුණු වැලිසර නාවික කඳවුරු ඊයේ (23) දිනයේ සිට විවෘත කරනු ලැබීය. මේ වන විට වැලිසර නාවික හමුදා කඳවුර කොරෝනා වෛරසයෙන් තොර කලාපයක් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නාවික හමුදාව වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

දැනට වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගෙන් 901 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් වන අතර 37 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් සමිපව ආශ්‍රය කළ පුද්ගලයින් වේ.

වාර්තා වූ රෝගීන්ගෙන් 710 දෙනෙකු විදෙස්ගතව මෙරටට පැමිණි පුද්ගලයින් වේ. එම පුද්ගලයින් අතරින් 654 දෙනෙකුම පසුගිය අප්‍රේල් මස 22 වන දිනට පසුව තහවුරු කරන ලද කොරෝනා ආසාදිතයින් වේ.

එමෙන්ම, වාර්තා වූ රෝගීන් අතරින් 71 දෙනෙකු දේශියව හඳුනාගත් අය ද, 14 දෙනෙකු අනෙකුත් හමුදාවන්ට අයත් පුද්ගලයන් ද, 30 දෙනෙකු විදෙශිකයන් ද වේ.

මේ දක්වා ශ්‍රී ලංකාවේ සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 98,634 ක් වේ. මැයි මාසය තුළ දී පමණක් සිදු කරන ලද පී.සී. ආර්. පරීක්ෂණ ප්‍රමාණය 42,873ක් වේ.සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දත්ත අනුව මේ මාසයේ දී සිදු කළ පී.සී. ආර් පරීක්ෂණ ප්‍රමාණය සහ හඳුනාගත් රෝගීන් ප්‍රමාණය පහතින් දැක්වේ.

  • ජුනි 01 – 1,066 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 10
  • ජුනි 02 – 1,783 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 40
  • ජුනි 03 – 2086 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 66
  • ජුනි 04 – 1890 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 48
  • ජුනි 05 – 1816 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 04
  • ජුනි 06 – 1243 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 13
  • ජුනි 07 – 1718 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 21
  • ජුනි 08 – 1766 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 22
  • ජුනි 09 – 1579 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 02
  • ජුනි 10 – 1433 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන –10
  • ජුනි 11 – 1677 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන –08
  • ජුනි 12 – 1390 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන –03
  • ජුනි 13 – 1165 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන –04
  • ජුනි 14 – 1116 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන –05
  • ජුනි 15 – 1651 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන –16
  • ජුනි 16 – 1276 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන –10
  • ජුනි 17 – 1381 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන –09
  • ජුනි 18 – 1374හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 23
  • ජුනි 19 – 1495 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 03
  • ජුනි 20 – 827 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 00
  • ජුනි 21 – 1181 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 00
  • ජුනි 22 – 1134 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 01
  • ජුනි 23 – 1232 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 40

එමෙන්ම, ඊයේ (23) දිනයේදී තවත් රෝගීන් 40ක් වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය මෙ වන විට 418 දක්වා වැඩි වී තිබේ. වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන අන්දමට අද (24) දින පෙරවරු 10.00 වන විට එම රෝගින් 418 දෙනාගෙන්,

  • ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 34ක් ද,
  • වැලිකන්ද මූලික රෝහලේ 73 ක් ද,
  • මුල්ලේරියාව රෝහලේ 06 ක් ද,
  • ඉරණවිල රෝහලේ 22ක් ද,
  • කාතාන්කුඩි රෝහලේ 68ක් ද,
  • නාවික රෝහල (වැලිසර) 0ක් ද,
  • හෝමාගම රෝහලේ 35ක් ද,
  • මිනුවන්ගොඩ මූලික රෝහලේ 24ක් ද,
  • හම්බන්තොට මහ රෝහලේ 87 ක් ද,
  • තෙල්දෙණිය මූලික රෝහලේ 59ක් ද,
  • යුද හමුදා රෝහලේ 04ක් ද වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
  • තවත් එක් රෝගියෙකු රෝහල වෙත යොමු කරමින් සිටියි.

එමෙන්ම, පුද්ගලයින් 30ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ රෝගීන් ගණන 11කි

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top