Advertise with Giraya
POLITICS

කොටි දුර්වලව සිටි වෙලාවේ සජිත්ගේ පියා දුන් දේවල් ගැන සජිත් දන්නවා – කරුණා කියයි

තමා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලන දේශපාලන පක්‍ෂ ද වැරදි කර තිබෙනවා යැයි ද්‍රවිඩ සභා පක්ෂයේ අපේක්ෂක විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ඊයේ (23) පැවසුවේය.

එසේම, නැගෙනහිර හිටපු කොටි නායාකයා ද වූ ඔහුව කොටි සංවිධානය සහ රජය අතර ඇතිවූ යුද්ධයේදී සිදුවූ දේවලට දැන් අත්අඩංගුවට ගැනීමට නොහැකි බව විනයාගමූර්ති මුරලිදරන් පවසනවා.

අලිමංකඩදී සහ කිළිනොච්චියේදී හමුදා භටයන් ඝාතනය කිරීම ගැන තමා කළ ප‍්‍රකාශය ගැන දරන ස්ථාවරය වෙනස් නොකරන බව ද පැවසූ කරුණා තමා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට එක්ව සිටින බව ද කීවේය.

Giraya News Alerts

‘කොටි සංවිධානයට මුදල් දුන්නේ ආර්. පේ‍්‍රමදාස රජයයි. පොලිසියට යටත් වන ලෙස පැවසුවේ ද එම රජයේ ජනාධිපති ආර්. පේ‍්‍රමදාසය. මේ අතීතය මා දන්නවා’ යැයි ඔහු සඳහන් කළේය.

2004 වසරේදී තමා කොටි සංවිධානයෙන් ඉවත් වූ බව ද හෙතෙම පැවසීය.

‘යුද්ධයේදී හමුදාව සහ කොටින්ගේ දිවි අහිමි වුණා. සජිත් දන්නවා ඔහුගේ පියා රුපියල් 5000 ක් හා පතොරම් ලක්ෂයක් දුන් බවත් ඒ වෙලාවේ කොටි දුර්වලව සිටියා’ යැයි කරුණා අම්මාන් අදහස් දක්වමින් කීවේය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top